දේශීය

මිහින්තලා පුදබිමේ ආරක්ෂාව ගැන පොලීසියෙන් නිවේදනයක්

පොලිස් නිලධාරීන් 25 දෙනෙකු මිහින්තලා පුද බිමේ තවදුරටත් ආරක්ෂක රාජකාරීවල නිරත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

 

අද (11) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, මිහින්තලා පුදබිමෙන් ඊයේ (10) හමුදාව ඉවත් කරගත්ත ද පොලීසිය ඉවත් කරගැනීමේ තීරණයක් ගෙන නොමැති බවය.

 

“රාජ්‍ය ආරක්ෂතුමා සඳහන් කළේ, එම අමාත්‍යාංශය යටතේ තියෙන යුද හමුදාව ඒ වගේම නාවික හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් මිහින්තලා පුදබිමේ රාජකාරි යොදවලා තියෙන නිලධාරීන් ඉවත්කර ගන්නවා කියන කාරණය. පොලිස් නිලධාරීන් මෙහෙදි ඉවත් කරගන්නේ නෑ. මොකද පොලීසිය ක්‍රියාත්මක වෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. පොලිස් නිලධාරීන් එම මිහින්තලා පුදබිමෙන් ඉවත් කරගන්නවා කියලා තීරණයක් අරගෙන තිබුණේ නෑ. ඒ නිසා පොලිස් නිලධාරීන් දැනටත් රාජකාරි යොදවලා තියෙනවා. පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්පල්වරු සහිත නිලධාරීන් 25ක් අදටත් මිහින්තලා පුදබිමේ රාජකාරියේ යොදවලා තියෙනවා.”

Related posts

තවත් කොරෝනා මරණ දෙකක්

Mohamed Dilsad

උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලාද…? – ඒ පිටුපස මා-ලිමා අදිසි හස්තයක්….!

Editor O

ඇවන්ට්ගාඩ් නඩු විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

Leave a Comment