Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් ප්‍රධානියෙක්ට එරෙහිව, පොලිස් නිලධාරීන් පිරිසක් ⁣ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානමින්..!

ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම නිලධාරියෙකුට එරෙහිව තවත් ඉහළ නිලධාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානමින් සිටින බව ආරංචිමාර්ග පවසයි.

මේ වනවිට පොලීසියේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පහළොස් දෙනෙකු රාජකාරි කරන අතර එයින් හත් දෙනෙකු සහ තවත් ඉහළ නිලධාරීන් කණ්ඩායමක් පෙරකී ඉහළ නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් දැඩි කළකිරීමෙන් සිටින බව සඳහන්. ඔවුන් අතරින් කිහිපදෙනෙකු මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකිරීමට සූදානමින් සිටින බව වාර්තා විය.

මීට හේතුවී ඇත්තේ අසාධාරණ සහ ද්වේශසහගත ලෙස ස්ථාන මාරුවීම් ලබාදීම, ඉහළ නිලධාරීන්ගේ අදහස් පිළිනොගෙන අත්තනෝමතික ලෙස තීන්දු තීරණ ගැනීම, නිලධාරීන් සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් නිර්මාණය කිරීම යනාදී කරුණු රැසක් බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

Related posts

Russian bombers spotted off Alaskan coast twice in 24 hours

Mohamed Dilsad

24-Hour water cut in Colombo today

Mohamed Dilsad

பெட்ரொ பப்லோ குஸின்ஸ்கி தனது பதவியை இராஜினாமா செய்தார்

Mohamed Dilsad

Leave a Comment