දේශීය

ආරක්ෂක අමාත්‍යාංශය කෝපා කමිටුව හමුවට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත ආරක්ෂක අමාත්‍යංශය කැඳවා තිබේ.

 

කාරක සභාව අද පස්වරු 02ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

 

ආරක්ෂක අමාත්‍යංශයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ඊට අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේය.

 

මේ අතර අයවැය කාරක සභා අවස්ථා විවාදයට අදාළව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වේ.

Related posts

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

Mohamed Dilsad

බස්නාහිරින් පසු එන්නත්කරණය මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල

Mohamed Dilsad

සති අන්තයේ ඇඳිරි නීතිය ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment