ක්‍රීඩා

පුංචි ලෝක කුසලානය කොළඹදී

(උදයම්,කොළඹ)  –  ජර්මානු තානාපති කාර්යාලය හා තාබිත් අහමඩ් පාපන්දු සමාජය එක්ව සංවිධානය කරන “පුංචි ලෝක කුසලානය”, එළඹෙන 20 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

යාපනය, ගම්පහ, මීගමුව, කොළඹ යන ප්‍රදේශ නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා පාපන්දු කණ්ඩායම් 8 බැගින් මෙම තරගාවලියට සහභාගී වන්නේ එදින ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා යි.

සෑම ප්‍රදේශයකින්ම පිරිමි කණ්ඩායම් දෙකකුත් කාන්තා කණ්ඩායම් දෙකකුත් බැගින් සහභාගී වීමට නියමිතයි. ඔවුන්ට සහය දක්වන්නට ස්විට්සර්ලන්ත, නොර්වේ, නෙදර්ලන්ත, බ්‍රසීල, ප්‍රංශ, එක්සත් ජනපද තානාපති කාර්යාල ඉදිරිපත්ව ඇති අතර ඒ සහය ලබන එක් එක් කණ්ඩායම විසින් තමන්ට සහය දෙන තානාපති කාර්යාලය අයත් රට නියෝජනය කිරීමට නියමිතයි.

Related posts

ලබන මස සිට ප්‍රංශයේ පාපන්දු තරඟ නැරඹීමට යළිත් අවස්ථාව

Mohamed Dilsad

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කෞෂාල්ට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට් මොරිසන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment