ක්‍රීඩා

පුංචි ලෝක කුසලානය කොළඹදී

(උදයම්,කොළඹ)  –  ජර්මානු තානාපති කාර්යාලය හා තාබිත් අහමඩ් පාපන්දු සමාජය එක්ව සංවිධානය කරන “පුංචි ලෝක කුසලානය”, එළඹෙන 20 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

යාපනය, ගම්පහ, මීගමුව, කොළඹ යන ප්‍රදේශ නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා පාපන්දු කණ්ඩායම් 8 බැගින් මෙම තරගාවලියට සහභාගී වන්නේ එදින ප.ව. 1.00 සිට ප.ව. 6.00 දක්වා යි.

සෑම ප්‍රදේශයකින්ම පිරිමි කණ්ඩායම් දෙකකුත් කාන්තා කණ්ඩායම් දෙකකුත් බැගින් සහභාගී වීමට නියමිතයි. ඔවුන්ට සහය දක්වන්නට ස්විට්සර්ලන්ත, නොර්වේ, නෙදර්ලන්ත, බ්‍රසීල, ප්‍රංශ, එක්සත් ජනපද තානාපති කාර්යාල ඉදිරිපත්ව ඇති අතර ඒ සහය ලබන එක් එක් කණ්ඩායම විසින් තමන්ට සහය දෙන තානාපති කාර්යාලය අයත් රට නියෝජනය කිරීමට නියමිතයි.

Related posts

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

ශ්‍රී ලංකාව මුහුණදෙන තවත් තරගයක් අද

Mohamed Dilsad

Leave a Comment