විදෙස්

ඊශ්‍රායලයේ තීරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

උතුරු ගාසා තීරයේ සිවිල් ජනතාවට ඉවත්වී යාම සඳහා දෛනිකව පැය 4ක ප්‍රහාර නැවැත්වීමේ ක්‍රියාමාර්ගයකට ඊශ්‍රායලය එළඹෙනු ඇති බව අමෙරිකාව පවසයි.

 

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සමග සති කිහිපයක් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණයට එළඹි බවය.

 

ඊයේ දිනයේ සිට ගාසා තීරයේ වැසියන්ට ඉවත්ව යාම සඳහා මානුෂිය කොරිඩෝ 02ක් හඳුන්වාදීමට ද නියමිතව තිබු බව ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත.

 

මේ අතර සිය සාමාජිකයින් 99 දෙනෙකු ගාසා තීරයේදී ඝාතනයට ලක්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ ගාසා තීරයේ පවතින තත්ත්වය අතිශයින්ම දරුණු බවය.

Related posts

ෆිජි දුපත් වලට සහ බ්‍රිතාන්‍යට භූ කම්පන වලින් බලපෑම්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවට නව උප අගමැතිවරයෙක්

Mohamed Dilsad

ඉන්දියාවේ දරුණු නායයෑමක්

Mohamed Dilsad

Leave a Comment