දේශීය

කිරුළපනදී වෙඩිතැබීමක්

කිරුළපන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබේ.

 

කිරුළපන මාවතේ පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්යාලයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇත.

 

පිස්තෝල ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලීසිය පවසයි.

 

ඒ අනුව හිස් පතොරම් කොපු 03ක් එම ස්ථානයේ වැටී තිබියදී පොලීසිය සොයාගෙන ඇත.

 

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.

 

සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

වෛරසය පාලනය වන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් අද ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment