දේශීය

වැඩිපුර දින 03ක් බන්ධනාගාරයේ තැබුවාට එරෙහිව පෙත්සමක්

අභියාචනාධිකරණය විසින් නිදහස් කළ විත්තිකරුවකු දින 03ක් නීතිවිරෝධී ලෙස බන්ධනාගාරයේ රඳවා ගැනීම තුළින් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේ දැයි පිළිබඳ සොයාබැලීම සඳහා විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කර තිබේ.

 

2022 වසරේ අභියාචනාධිකරණ නියෝගයක් මත නිදහස් කෙරුණු හෝමාගම ප්‍රදේශයේ පදිංචි අදාළ විත්තිකරු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

 

එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි එවක අධිකරණ අමාත්‍ය අලි සබ්රි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා, අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ නීතිපතිවරයා යන වගඋත්තරකරුවන් වෙත අදාළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේ නම් ගොනු කරන ලෙස දන්වා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නොතීසි ද නිකුත් කර ඇත.

 

ඒ අනුව පෙත්සම් විභාගය මැයි මස 27 වනදා කැඳවීමට ද අධිකරණය විසින් දින නියම කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

Related posts

රැකියා ලබා දෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

පර්යේෂණ නෞකාවක් හරවා යවයි.. ඩොලර් මිලියනයක් අහිමි වෙයි..?

Editor O

Leave a Comment