ක්‍රීඩා

කාසියේ වාසිය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගය බෙන්ගලූරු හිදී තව සුළු මොහොතකින් ආරම්භ වෙයි.

 

එහි කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්තය සමත් වූ අතර ඒ අනුව නායක ජොස් බට්ලර් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ එක වෙනසක් සිදුකර ඇති අතර ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ව කණ්ඩායමට එක්කර තිබේ.

 

2023 තරගාවලිය මැතිව්ස් සහභාගී වන සිව්වන ලෝක කුසලාන තරගාවලිය ලෙස දැක්වෙයි.

 

එංගලන්ත කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදුකර තිබේ.

 

ඒ හැරී බෘක්, රීස් ටොප්ලි, ගස් ඇට්කින්සන් වෙනුවට මොයීන් අලි, ලියම් ලිවින්ස්ටන් සහ ක්‍රිස් වෝක්ස් කැඳවා තිබුණි.

Related posts

ලෝරා මාෂ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

ඇමෙරිකාව පැරදූ එංගලන්තය ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසෙයි.

Editor O

ඕමාන තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිතය අද යයි

Mohamed Dilsad

Leave a Comment