දේශීය

දුම්රියක ගැටී කාන්තාවක් මරුට

දුම්රිය හරස් මාර්ගයක් හරහා යතුරු පැදියකින් ගමන් කළ කාන්තාවක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත් ව තිබේ.

 

කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ දුම්රියක එම කාන්තාව ගැටී ඇති බව පොලීසිය පවසයි.

 

ඊයේ (20) සවස් කාලයේ දී එම අනතුර සිදු ව තිබුණේ, සීදුව පොලිස් වසමේ ලියන්ගේමුල්ල ප්‍රදේශයේදීය.

 

මියගොස් ඇත්තේ, ලියන්ගේමුල්ල, සීදුව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි.

Related posts

නව ජනාධිපති ලේකම් සමන් ඒකනායක

Mohamed Dilsad

රට තුළ සහල් අතිරික්තයක් තිබියදී, සහල් ආනයනය කරන්නේ ඇයි …? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

මුල්ලේරියාව දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරු අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment