දේශීය

මුල්ලේරියාව දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරු අධිකරණයට

මුල්ලේරියාව, හල්බරාව ප්‍රදේශයේ දී සිදුවූ පස්හැවිරිදි පිරිමි දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

මුල්ලේරියාව පොලීසිය පැවසුවේ 51 හැවිරිදි සැකකරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමවලීන් අනතුරුව අද පස්වරුවේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවය.

 

දරුවා රැඳී සිටි වැඩබිමේ තණකොළ කපන්නෙකු ලෙස සේවය කළ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස ඊයේ පස්වරුවේ මුල්ලේරියාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 

මේ අතර මියගිය දරුවාගේ දේහය මේ වන විට මව්පියන්ට භාරදී ඇති බව වාර්තා විය.

 

තලාහේන ප්‍රදේශයේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (11) සිදුකිරීමට නියමිතය.

Related posts

කෙත්හේන ජලපවිත්‍රාගාරයේ ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජලය කැපේ

Mohamed Dilsad

බලපත්‍ර නොමැති ගිනිඅවි භාරදීමට කාලසීමාවක්

Mohamed Dilsad

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු වැඩවර්ජනයක

Editor O

Leave a Comment