විදෙස්

ජපානයේ මගී ගුවන් යානා දෙකක් ගැටෙයි

ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2ක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

 

මෙම ගුවන් යානා අනතුර සිදුව ඇත්තේ ජපානයේ Haneda ගුවන් තොටුපොළේදීය.

 

ගුවන් යානා අනතුර හේතුවෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ Thai Airways සහ EVA Air ගුවන් සමාගම්වලට අයත් යානා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති බවය.

 

එසේම මෙම අනතුර හේතුවෙන් එම ගුවන්තොටුපොළ හරහා සිදුකෙරෙන ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවට බලධාරීන් ගුවන් මගීන් වෙත දැනුම්දී තිබේ.

Related posts

ඇමරිකානු ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවතට

Mohamed Dilsad

තමිල්නාඩුව සති 2 කට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණයක්

Mohamed Dilsad

ඩිමොක්‍රටික් නායකයින්ගේ සාකච්ඡා අතරතුර ට්‍රම්ප් නැගිට යයි…

Mohamed Dilsad

Leave a Comment