Trending News

ට්විටර් ග්‍රාහකයින්ට මස්ක් ගෙන් පණිවුඩයක්

නවසීලන්තයේ සහ පිලිපීනයේ නව ග්‍රාහකයින්ගෙන් වසරකට ඩොලරයක් අය කිරීමට “X” සමාජ මාධ්‍ය ජාලය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

 

එය නව අත්හදාබැලීමක් බවත් එමගින් එම ජාලය හඳුන්වාදී ඇති ප්‍රධාන අංග වෙත පිවිසීමට හැකියාව ලැබෙතැයි ඊලොන් මස්ක් හිමිකාරීත්වය දරන X සමාගම පවසයි.

 

ඉන් ට්වීට් කිරීමේ හැකියාව, නැවත ට්වීට් කිරීමේ හැකියාව, ලයික් ලබාදීම සහ ට්වීටර් පණිවුඩ සඳහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබෙයි.

 

ගෙවීමක් නොකරන ග්‍රාහකයින් ට හැකියාව ලැබෙන්නේ පණිවුඩ කියවීම, වීඩියෝ නැරඹීම සහ වෙනත් ගිණුම් ෆලෝ කිරීම පමණි.

 

එමගින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ස්පෑම් සහ බොට් ක්‍රියාකාරකම් අඩුකිරීම ට බලාපොරොත්තු වන බව X සමාගම පැවසීය.

 

මස්ක් ඩොලර් බිලියන 44කට පසුගිය වසරේදී ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදීගත් අතර නමුත් මේ වනවිට එහි ක්‍රමික කඩා වැටීමක් දක්නට ලැබෙන බව විචාරකයෝ පවසති.

Related posts

அதிக வெப்பத்துடனான வானிலை…

Mohamed Dilsad

அமைச்சர் ராஜித சேனாரட்ன, அம்பாறை வன்முறைக்கு எதிராக நடவடிக்கை எடுக்க வேண்டும் [UTV EXCLUSIVE LIVE INTERVIEW]

Mohamed Dilsad

ටෙක්සාස් ගංවතුරෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

Leave a Comment