දේශීය

නාඳුනන පුද්ගල මළ සිරුරක්

පුත්තලම කලපු තීර උද්‍යානයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබේ.

 

ඊයේ (18) දින අදාළ උද්‍යානය තුළ නාඳුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට ලද තොරතුරක් මත පුත්තලම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත‍.

 

මියගොස් ඇත්තේ අවුරුදු 55-60ත් වයසේ පසුවන පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව වාර්තා වේ.

 

මරණකරු උස අඩි 05 අඟල් 03ක් පමණ වන තළෙළු, සිහින් සිරුරැති, හිසේ ඉදිරිපසින් තට්ටය පෑදුණු කොටු සහිත ළා පැහැති කමිසයකින් සහ කළු පැහැති දිග කලිසමක් හැඳ, දුඹුරු පැහැයෙන් යුක්ත පාවහන් පැලඳ සිටි අයෙකු බව පොලීසිය පවසයි.

 

මෘත ශරීරය පුත්තලම රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සමගි ජන බලවේගය සමග එක්වූ අයගේ එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසිය [RELEASE]

Mohamed Dilsad

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ආරක්ෂාව සහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලයි

Editor O

Leave a Comment