දේශීය

ගමක්ම බිය වැද්දූ අඹුසැමි යුවළ පොලිස් කූඩුවේ

බඩල්ගම ප්‍රදේශයේ දී අත්බෝම්බයක් පෙන්වමින් නිවැසියන් බියවද්දා ඔවුන්ගේ රත්තරන් ආභරණ සහ වටිනා භාණ්ඩ රැසක් සොරකම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලීසිය පැවසුවේ මෙම සැකකරු රාත්‍රි කාලයේ දී මෙලෙස අත්බෝම්බයක් පෙන්වමින් එම ප්‍රදේශයේ නිවාස කිහිපයක් කොල්ල කා ඇති බවය.

 

සැකකරු සහ ඔහුගේ බිරිඳ ඉතා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පාලනය කිරීමට අබ්බැහි වී සිටින බවත් මෙලෙස කොල්ලකන ලද වටිනා දෑ විකුණා එම මුදලින් මත්ද්‍රව්‍ය මිල දී ගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

 

පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සැකකරු පවසා ඇත්තේ, ඔහු සොරකම් කර ගෙනැත් දෙන රත්තරන් ආභරණ සිය බිරිඳ මාර්ගයෙන් උකස් කර මුදල් ලබා ගත් බවය.

 

පසුව පොලීසිය විසින් මෙම සැකකරුගේ දිවුලපිටිය ඉහල මඩම්පැල්ල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කර තිබේ.

 

එහිදී සඟවා තිබූ හෙරොයින් තොගයක් ද සොයාගෙන ඇත.

 

බඩල්ගම පොලීසිය සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

 

Related posts

ලාංකිකයන් 8ක් ඉන්දියාවේදී කොවිඩ් වැළඳීමෙන් මරුට – ආයුර්වේද වෛද්‍යවරයෙකුත් ඒ අතර

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන දින මෙන්න

Editor O

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

Mohamed Dilsad

Leave a Comment