දේශීය

ලාංකිකයන් 8ක් ඉන්දියාවේදී කොවිඩ් වැළඳීමෙන් මරුට – ආයුර්වේද වෛද්‍යවරයෙකුත් ඒ අතර

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  

රාජස්ථාන්හිදී මරණයට පත්වූ එක් පුද්ගලයෙකු ආයුර්වේද වෛද්‍යවරයෙකු බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වීසා ලබා ගැනීම, වෛද්‍ය කටයුතු ආදී විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් සුළු පිරිසක් ඉන්දියාවට ගොස් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොවිඩ් මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීබන් මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, මේ හේතුවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සෙසු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවය.

කෙසේ වෙතත්, ඔවුන් දූරස්ථව සිය රාජකාරි කටයුතුවල නිරත වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පැවසුවේ, විවිධ හේතු මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවය.

Related posts

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජනපද නීති සමාගමක් යොදවයි

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍යවරු 2,500ක්, රට හැර ගිහින්

Editor O

ඇමෙරිකා තානාපති සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment