දේශීය

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය භූමදානය කිරීමට අවසර

විමර්ශන කටයුතු ගොඩගනු ලැබූ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දුනි.

 

ඒ අනුව මරණකරුගේ බිරිඳ විසින් කොළඹ ජාවත්ත සුසාන භූමියේ මිලදී ගෙන තිබෙන බිම් කඩක ඔහුගේ දේහය භූමදානය කිරීමට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.

 

ෂාෆ්ටර් මහතාගේ දේහය ආදාහනය කිරීම නුසුදුසු බවට ඔහුගේ මරණයට හේතු සෙවීම සඳහා පත්කරනු ලැබූ පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව විසින් කරතිබූ නිර්දේශ විමර්ශනය කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය ලබාදී තිබේ.

 

ඉන් අනතුරුව මෙම පරීක්ෂණය ලබන 31 වන දා යළි කැඳවීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදින විමර්ශන පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය කමිටුවේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කර සිටියාය.

Related posts

සිසුසැරිය බස් පන්සියයක් අලුතින් ධාවනයට

Editor O

රනිල් – සජිත් හදිසි හමුවීමක්

Mohamed Dilsad

මෙතෙක් දිනයක වැඩිම PCR පරීක්ෂණ ඊයේ දිනයේදී

Mohamed Dilsad

Leave a Comment