දේශීය

එජාප කළමනාකරණ කමිටුව ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව රැස්වී තිබේ.

 

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති බව වාර්තා වේ.

 

මෙහිදි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

 

ඒ අනුව සම්මේලනය පැවැත්වෙන ආකාරය සහ එහි වැඩපිළිවෙල සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා සභාපතිවරයා ඇතුළු නියෝජිතයින් දැනුවත් කර තිබේ.

 

එහිදි සම්මේලන දිනයේ ක්‍රියාත්මක වැඩසටහනට පක්ෂ සාමාජිකයින්ගේ කිසිදු විරෝධතාවක් එල්ල වී නොමැති බව සඳහන්ය.

 

මේ අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරය රවී කරුණානායක මහතාට ලබාදෙන බවට සමාජ මාධ්‍ය තුළ පැතිරයන කතාබහ සම්බන්ධයෙන් අවදානයට යොමුවුව ද ඒ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී නොමැති බව වාර්තා වේ.

 

කෙසේවෙතත් පක්ෂ සම්මේලනයේ දී කිසිදු තනතුරක් වෙනස් නොවන බවද එහිදි පක්ෂ සාමාජිකයින් අතර සාකච්ඡාවට ලක්ව තිබේ.

 

මේ අතර පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් පෙරහුරු වැඩසටහනක් අද (16) දිනයේ දී පැවැත්වීමට ද එක්සත් ජාතික පක්ෂ කළමණාකරන කමිටුවේ දී සාකච්ඡා වී ඇති බව සඳහන්ය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 46,000 ඉක්මවයි

Mohamed Dilsad

පොලිස් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් කල් යයි

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment