දේශීය

සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

මත්ද්‍රව්‍ය වැටලීමක නිරතවී සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුව කපා කොටා තුවාල සිදුකර තිබේ.

 

මතුගම පොලීසිය සඳහන් කළේ ඉන් එක් නිලධාරියෙකු ඊයේ (31) පස්වරුවේ රෝහල්ගත කර ඇති බවය.

 

කොළඹ, මාළබේ ප්‍රදේශයට අනුයුක්තව රාජකාරී කරන නිලධාරීන් දෙදෙනෙකු මෙසේ පහර කෑමට ලක්වී ඇති බවත්, කැපුම් තුවාල සිදුවූ එක් නිලධාරීයෙකු කළුතර ශික්ෂණ රෝහලට යොමුකර ඇති බවත් පොලීසිය තවදුරටත් පවසයි.

 

අදාළ නිලධාරීන්ව මතුගම, සිරිකදුල ප්‍රදේශයට රැගෙන ගොස් ඇති සැකකරුවන් නිලධාරීන් සන්තකයේ තිබූ මුදල් උදුරා ගැනීමට යෑමෙන් දෙපිරිස අතර ගැටුමක් හටගෙන තිබූ බවට තොරතුරු ලැබී ඇතැයිද පොලීසිය කියයි.

 

ඒ අනුව පොලීසිය සඳහන් කරන්නේ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් සොයා විමර්ශන සිදුකරන බවත් ය.

Related posts

දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් නෙරපයි

Editor O

බස්නාහිරින් 400කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අයියා ව ඝාතනය කළාට 14 හැවිරිදි සහෝදරයා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment