දේශීය

සීනිගම පෙරහැරට විශේෂ රථවාහන සැලැස්මක්

සීනිගම දේවාලයේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (01) සිට ලබන 04 වනදා දක්වා එම ප්‍රදේශය ආශ්‍රිත ගාලු පාරේ රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා රථවාහන තදබදයක් ඇති නොවන අයුරින් අවස්ථානුකූලව පෙරහැර ගමන් ගන්නා මාර්ගය ඔස්සේම යොමුකිරීමට නියමිතය.

 

කෙසේවෙතත් කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා රථවාහන මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මිටීයාගොඩ, කිරළගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනපීනුවල හතරමංහන්දිය හරහා කුමාරකන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට පිවිසිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

මැතිසබයේ රැස් වන සෑම විනාඩියක් වෙනුවෙන්ම රුපියල් ලක්ෂයක්

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් ඇතුළු පාර්ශව දෙකක් සඳහා ප්‍රවාහන පහසුකම්

Mohamed Dilsad

Leave a Comment