දේශීය

පෙරහැරකදී විදුලිසැර වැදී දෙදෙනෙක් මරුට

නමුණුකුල ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික රදම් (වේල්) පෙරහැරක් අතරතුර විදුලිසැර වැදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

 

විදුලිසැර වැදුනු තවත් තිදෙනෙකු පස්සර දිසා රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.

 

රදම් පෙරහැරට සහභාගීවු කරත්තයක් අධිබලති විදුලි රැහැනක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.

 

ඊයේ (23) දහවල් ආරම්භ කළ පෙරහැර අද (24) අලුයම තෙක් පවත්වා ඇති අතර පෙරහැරට සහභාගීවු රදම් කරත්තය කෝවිලට රැගෙන යන අතරතුර කරත්තයේ ඉහළ කොටස අධිබලති විදුලි රැහැනේ ගැටීමෙන් විදුලි සැර වැදී ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 30 හැවිරිදි හා 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් ය.

 

සිද්ධිය සම්බන්ධයෙන් නමුණුකුල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

සෞඛ්‍ය නීති රීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

Mohamed Dilsad

පෙර පාසල් ගුරුවරියන්ට 2,500 ක මාසික දීමනාවක්

Mohamed Dilsad

සපුගස්කන්දෙන් අද සිට දිනපතා ඉන්ධන

Mohamed Dilsad

Leave a Comment