දේශීය

සෞඛ්‍ය නීති රීති යටතේ හජ් වන්දනා සමය ඇරඹේ

(UTV | සෞදිය) – වන්දනාකරුවන් දස දහසකගේ සහභාගීත්වයෙන් ශුද්ධවූ හජ් වන්දනාව සෞදි අරාබියේ මක්කම නුවරදී අදින් ආරම්භ වෙයි.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සෞදි පුරවැසියන් සහ ලොව පුරා රටවල් නියෝජනය කරමින් ඉස්ලාම් බැතුමතුන් මේ සඳහා සහභාගී වනු ඇත.

සාමාන්‍යයෙන් මිලියන 2ක දේශීය සහ විදේශීය බැතිමතුන් පිරිසක් හජ් වන්දනාවට වාර්ෂිකව එක්වන නමුත් කොරෝනා වසංගතය හමුවේ එය සීමා කිරීමට සෞදි රජය පියවර ගනු ලැබුවේය.

මුස්ලිම් බැතිමතුන්ට සිය ජීවිත කාලය තුළ එක් වරක් හෝ මක්කම වන්දනා කළ යුතු බවට කුරානයේ ද සඳහන් වෙයි.

Related posts

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව කුලියාපිටියේදී විවෘත කෙරේ. (ඡායාරූප සහිතයි)

Editor O

මන්ත්‍රී වැටුප් සහ දීමනා පක්ෂ අරමුදල ට බැර කිරීම වැළැක්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට

Editor O

මිල්ලන්ගොඩ ජයන්ති ඇතා මිය යයි

Mohamed Dilsad

Leave a Comment