Trending News

ඇල්සයිමර් රෝගයට ප්‍රතිකාරයක් සාර්ථක වෙයි

මිනිසාගේ මතකය ක්‍රමයෙන් හීන කරන ඇල්සයිමර් රෝගයට, ප්‍රතිකාර ලෙස ඩොනනෙමැබ් (donanemab) නමින් නව ඖෂධයක් නිපදවීමට අමෙරිකානු ඖෂධ සමාගමකට හැකි වී තිබේ.

 

ගෝලීයව සිදුකළ පර්යේෂණයකින් හෙළිවී ඇත්තේ මෙම නව ඖෂධය මගින් ඇල්සයිමර් රෝගය උත්සන්නවීම සියයට 60කින් පමණ මන්දගාමී කිරීමට හේතු වන බවය.

 

ඇල්සයිමර් රෝගයේ ආරම්භක අවධියේදී රෝගීන්ගේ මොළයේ තැන්පත් වන ප්‍රෝටීන් මෙම ඖෂධය භාවිත කිරීමෙන් ඉවත්කිරීම සිදුකළ හැකිබව ඉන් හෙළිවී තිබුණි.

 

පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ අධික ලෙස ප්‍රෝටීන් තැන්පත් වී ඇති රෝගීන්ට මෙන්ම වැඩිහිටි සහ ඇල්සයිමර් දරුණු ලෙස උත්සන්නව ඇති රෝගීන්ට මෙම ඖෂධය භාවිතයෙන් ධනාත්මක ප්‍රතිඵල හිමි නොවන බවය.

 

මෙම ඖෂධය භාවිතයෙන්, ජානමය කරුණු මත ඇල්සයිමර් රෝගයට ගොදුරු වූ අයගෙන් සියයට 40කගේ පමණ අතුරු ආබාධ ලෙස මොළය ඉදිමීමේ අවදානමක් පවතින බව ද පර්යේෂණවලින් හෙළි වී තිබේ.

Related posts

Party Leaders to discuss Demarcation Report today

Mohamed Dilsad

EU and Mercosur agree huge trade deal after 20-year talks

Mohamed Dilsad

Singapore media reports on Mahendran misleading – PMD

Mohamed Dilsad

Leave a Comment