දේශීය

ජනපති ද්‍රවිඩ පක්ෂ වෙත කළ දැනුම්දීම

උතුරු නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පවත්වා තිබේ.

 

එහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන කමිටු අවස්ථාවේදී සැලකිල්ලට ගන්නා බවය.

 

ඊට සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතය.

 

එසේම එහිදී ජනාධිපතිවරයා ද්‍රවිඩ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නිර්දේශ කර ඇති සංශෝධන ද සලකා බැලීමට නියමිත බවය.

 

මේ අතර එහිදී ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පිළිබඳවද සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

එසේම ජූලි 18 වනදා කෙටුම්පත් කමිටුව යුරෝපා සංගම් යෝජනා සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන අතර සංශෝධන සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ගවලින් පසුව පනත් කෙටුම්පත නැවත ගැසට් කිරීමට නියමිත බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

 

මේ අතර පොලිස් බලතල හැර 13 වැනි සංශෝධනයේ සෙසු බලතල පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල එකඟතාව මත ක්‍රියාත්මක කළ හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත.

 

Related posts

එල්ලවූ සයිබර් ප්‍රහාරය පිළිබඳ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Editor O

ප්‍රදේශ කිහිපයකට විදුලිය ලැබෙයි

Mohamed Dilsad

පළමු රන්දෝලි පෙරහර අදයි

Mohamed Dilsad

Leave a Comment