විදෙස්

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළි අධි චෝදනා ගොනුකර තිබේ.

 

ජනාධිපතිවරයාට අයත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

 

ඒ අනුව ලබන අඟහරුවාදා මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දී තිබේ.

 

පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔහුට එරෙහිව අධිචෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කළ අතර අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් එවැනි විමර්ශනයක් ආරම්භ කළ පළමු අවස්ථාව එය බවට වාර්තා වුණි.

 

ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන අතර නව චෝදනා සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි තමා කිසිසේත් නොසිතූ බවය යන්නය.

 

මෙය තමා ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීම සඳහා සිදුකරන යුද්ධයක් බව සමාජ මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.

Related posts

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ෆින්ලන්තය දේශ සීමා නීතී දැඩි කරයි

Mohamed Dilsad

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඉන්දුනීසියානු පල්ලියක් ඉලක්ක කරයි

Mohamed Dilsad

කශෝගි ඝාතනයේ වගකීම සෞදියේ ඔටුන්න හිමි කුමරු භාර ගනී

Mohamed Dilsad

Leave a Comment