දේශීය

බෝන් අගේන් නවත්වන්න බැරි ඇයි ?

විශේෂයෙන්ම බුදු දහමට නිග්‍රහ කරන වැඩපිළිවෙල වෙන් වෙන්ව සිදුවන්නක් නොවන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

 

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමි මේ බව පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමි පැවසුවේ පාර්ලිමේන්තුව හරහා නව නීති පැනවීම තුළින් ඔවුන්ගේ ගමන නැවැත්විය යුතු බවය.

 

මේ අතර එම මාධ්‍ය හමුවට එක්වූ පූජ්‍ය ආචාර්ය අගලකඩ සිරිසුමන හිමි “බෝන් අගේන්” තහනම් කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කර සිටියහ.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය ආචාර්ය අගලකඩ සිරිසුමන හිමි පැවසුවේ පාර්ලිමේන්තුවේ ඇතැම් මැති ඇමතිවරුන් ද “බෝන් අගේන්” හා එකතු වී සිටින බවය.

Related posts

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් ගැන අනාවරණය කරයි [RELEASE]

Mohamed Dilsad

ඇඳිරි නීති සමයේ කොළඹ වාහන නැවතුම් ගාස්තු අය නොකෙරේ

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන් ට ඩිජිටල් අත්සනක්

Editor O

Leave a Comment