දේශීය

බෝන් අගේන් නවත්වන්න බැරි ඇයි ?

විශේෂයෙන්ම බුදු දහමට නිග්‍රහ කරන වැඩපිළිවෙල වෙන් වෙන්ව සිදුවන්නක් නොවන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

 

අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමි මේ බව පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමි පැවසුවේ පාර්ලිමේන්තුව හරහා නව නීති පැනවීම තුළින් ඔවුන්ගේ ගමන නැවැත්විය යුතු බවය.

 

මේ අතර එම මාධ්‍ය හමුවට එක්වූ පූජ්‍ය ආචාර්ය අගලකඩ සිරිසුමන හිමි “බෝන් අගේන්” තහනම් කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කර සිටියහ.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පූජ්‍ය ආචාර්ය අගලකඩ සිරිසුමන හිමි පැවසුවේ පාර්ලිමේන්තුවේ ඇතැම් මැති ඇමතිවරුන් ද “බෝන් අගේන්” හා එකතු වී සිටින බවය.

Related posts

අලි 21 දෙනෙක්ට වෙඩි තබලා

Editor O

නිදහස් වෙළඳ කලාපවල කර්මාන්තශාලා රැසක වැඩ අරඹයි

Mohamed Dilsad

තැපැල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට සහයෝගය

Mohamed Dilsad

Leave a Comment