දේශීය

ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක්

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේ.

 

ඒ සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (07) යළි කැඳවු අවස්ථාවේදී ය.

 

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.

 

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබු‍වේ නොවැම්බර් 17 වැනිදාය.

 

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතව තිබේ.

Related posts

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයක විරෝධතා

Mohamed Dilsad

රඳවා තබා ගැනීමේ බද්ද සියයට 5% සිට සියයට 10% දක්වා වැඩි කිරීම ගැන සමගි ජන බලවේගය විරෝධය පළ කරයි.

Editor O

හැඳුනුම්පත්, පාස්පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය දෙපාර්තමේන්තුවෙන්

Mohamed Dilsad

Leave a Comment