දේශීය

ධනුෂ්ක ගුණතිලකට තවත් සහනයක්

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් නිකුත් කර තිබු නියෝගය ඉවත් කර තිබේ.

 

ඒ සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (07) යළි කැඳවු අවස්ථාවේදී ය.

 

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි.

 

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබු‍වේ නොවැම්බර් 17 වැනිදාය.

 

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළි අප්‍රේල් 27 වනදා කැඳවීමට නියමිතව තිබේ.

Related posts

හිටපු අගරදගුරු නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

Mohamed Dilsad

පාසල්වල සිසුන් වැඩියෙන් වතුර බිව්වොත් ආණ්ඩුව බිල ගෙවන්නේ නැහැ – අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක්

Editor O

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment