දේශීය

ජල පාරිභෝගිකයින් ට හදිසි දැනුම්දීමක්

ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අප්‍රේල් 04 වැනිදා සිට මේ දක්වා අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙමින් සිටී.

 

ඒ වෛද්‍ය නිවාඩු නොලබා රාජකාරී කටයුතුවල නිරත වූ දිනවලට අදාළ ගෙවීම් සිදුකරන ලෙස ඉල්ලමිනි.

 

ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා පැවසුවේ, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල සේවා හා පාරිභෝගික සේවා කිසිවක් ඉටු නොවන බවය.

 

මේ අතර ජල සැපයුමට බාධා එල්ල විය හැකි බව ද වැඩිදුරටත් පැවසූ ඒ මහතා මෙහි වගකීම පාලකයින් භාරගත යුතු බව ද පැවසීය.

 

“අපි අප්‍රේල් 4 වෙනිදා සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදිලා ඉන්නවා. කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා කිසිවක් ඉටුවෙන්නේ නෑ. ජනතාවට සිදුවන අපහසුතාවයන් සලකා අපි පොම්පාගාරවල කටයුතු විතරක් පවත්වාගෙන යනවා. හැබැයි නඩත්තු, අලුත් වැඩියාවන් සිද්ධවෙන්නේ නෑ. ඒ අනුව යම් යම් ස්ථානවල ජල සැපයුම අඬාල වීමේ අවධානමක් තිබෙනවා. අපි කියා සිටින්නේ, අපේ මේ යුක්ති සහගත නීත්‍යානූකූල ඉල්ලීම, වැඩකරපු දවස්වලට වෛද්‍ය නිවාඩු නොලබා වැඩකරපු දිනවලට ශ්‍රමය ලබාදීපු දිනවලට අදාළ ගෙවීම් කරන ලෙසයි අපි ඉල්ලා සිටින්නේ.”

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ පත්කෙරේ

Mohamed Dilsad

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවර

Mohamed Dilsad

Leave a Comment