ක්‍රීඩාදේශීය

T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය

(UTV | කොළඹ) – එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට තමන් අනුමැතිය ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

අමාත්‍යවරයාගේ අනුමැතිය ලද සංචිතය නුදුරේදී ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, එම සංචිතය ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පල්ලෙකැලේ පැවැත්වෙන පුහුණු කඳවුරකින් අනතුරුව තරගාවලිය සඳහා පිටත්ව යාමට නියමිතයි.

එළඹෙන ඔක්තෝබර් 16 වැනි දා ආරම්භ වන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සහ අයර්ලන්තය සමඟ පෙරහුරු තරග දෙකකට ද සහභාගි වීමට නියමිතයි.

Related posts

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය අදයි

Mohamed Dilsad

2020 සැමරීමට විශේෂ මුද්දරයක්

Mohamed Dilsad

රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment