දේශීය

රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් ගැන පොලීසියෙන් නිවේදනයක්

රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිතුක් කර තිබේ.

 

පොලීසිය සඳහන් කරන්නේ, කොහුවල මංසන්දියේ ඉදිවන ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතු පෙබරවාරී 22 වන දින සිට ආරම්භ කර මැයි මස 31 වනදා දක්වා සිදුකිරීම නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරීය මගින් දැනුම් දී ඇති බවය.

 

එම ඉදිකිරීම කාලය තුළ කොහුවල හන්දිය හරහා ගමන් කිරීමට මගී බස්රථ හා සැහැල්ලු වාහන සඳහා හැකියාව ඇති නමුත් ගුවන් පාලමේ ඉදිකිරිම් සිදුවන බැවින් අධික මාර්ග තදබදය හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා විකල්ප මාර්ග සඳහාන් දැනුවත් කිරීමේ පුවරු විලියම් මංසන්දිය-ගාලු පාර, නුගේගොඩ මංසන්දිය, කිරුළපන මංසන්දිය, බොරලැස්ගමුව මංසන්දිය, පැපිලියාන මංසන්දිය, පාමංකඩ මංසන්දිය හා අධිවේගී මාර්ගය-කහතුඩුව පිවිසුම යන ස්ථානයන්හි සවිකර ඇත.

 

එම ස්ථානයන්හි රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියා කරන ලෙස වැඩිදුරටත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

 

 

Related posts

සුවය ලැබූ තවත් නාවික සෙබළුන් පිරිසක් රෝහල් වලින් පිට වෙයි

Mohamed Dilsad

ලිඳුල නගර සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවත් කරයි

Mohamed Dilsad

ඉන්දියාවේ සහ පාකිස්තාන බෝම්බ පිපිරීම්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – ඇමති විජේපාල

Editor O

Leave a Comment