දේශීය

පාස්කු නඩුවේ චෝදනා 23270 අතරින් 13ක් කියවාදෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන්ට චෝදනා කියවාදීම කොළඹ මහාධිකරණය හමුවේ අද (31) සිදුකෙරුණි.

 

දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම චෝදනා කියවාදීම සිදුවිය.

 

මෙම චෝදනා කියවාදීම සිදු කළ අවස්ථාවේ දී බන්ධනාගාරගත කරසිටින නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

 

නඩුවේ අන්තර්ගත චෝදනා 23,270 අතුරින් චෝදනා 13ක් අද දින විවෘත අධිකරණයේ කියවා දෙනු ලැබූ අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් යැයි විත්තිකරුවන් ප්‍රකාශ කර තිබේ.

 

ඉන් අනතුරුව වැඩිදුර චෝදනා කියවාදීම මැයි මස 24 වනදා දක්වා කල් තැබුණි.

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මව්ලවි,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර ඇත.

 

 

Related posts

මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධූරයට

Mohamed Dilsad

කොළඹ වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින්ට පැමිණීම තහනම් කරයි

Mohamed Dilsad

අද යළි ඉන්ධන මිල සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment