දේශීය

පාසල් ක්‍රීඩා උළෙලේ දෙපිරිසක් අතර ගැටුමක්

පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් අතරතුරු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

කිලිනොච්චිය ශාන්තිපුරම් කලෙයිමගල් ප්‍රදේශයේ පාසලක් තුළ ඊයේ (30) මෙම ගැටුම හටගෙන තිබුණි.

 

ගැටුමෙන් සිසුවියන් දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇත.

 

ලී සහ යකඩ පොලුවලින් පහරදීම සිදුවී ඇති අතර මතගැටුමක් දුරදිග යෑමෙන් ගැටුම හටගෙන ඇති බව වාර්තා විය.

 

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස ද අත්අඩංගුවට ගන්නා ලෙස කිලිනොච්චි පොලීසියට බලකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (31) විරෝධතාවයකද නිරතවුණි.

Related posts

‘දසේ’ අලියා ගේ මරණයට හේතුව නිර්වින්දනය ද?

Mohamed Dilsad

යාපනයට ගඟක් – උතුරේ ජල ගැටළුවට විසඳුමක්

Editor O

නියෝජ්‍ය කථානායක ධුරය වෙනුවෙන් නම් 02 ක්

Mohamed Dilsad

Leave a Comment