දේශීය

ආනයනය කෙරෙන මීළඟ බිත්තර තොගය ගැන පැහැදිලි කිරීමක්

ඉන්දියාවෙන් රැගෙන ආ බිත්තර සියල්ල ලබාදෙන්නේ බේකරි සඳහා පමණක් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

 

අද (31) ජා-ඇළ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

මාසෙකට බිත්තර මිලියන 30ක් ආනයනය කිරීම සඳහා අනුමැතිය තිබෙන නමුත් එම අගය අඩු කරගැනීමේ හැකියාව පවතින්නේ දේශීය බිත්තර නිෂ්පාදකයින් මත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

ඔහු පැවසුවේ පාරිභෝගිකයාට ගැටලුවක් ඇති නොවන අකාරයට දේශීය බිත්තර නිෂ්පාදකයින් නිසි ක්‍රමවේදයකට අනුව සිය නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවය.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා,

 

“මම තොරණ ගහන්නේ නැහැ. මම වැඩ කරන්නේ. කිකිළියෝ මසට දෙනවද? මොනවද? කරන්නේ කියන එක ඒ අයගේ වැඩක්. බිත්තර ගේන එක අඩු වැඩි කරගැනීමේ හැකියාව තියෙන්නේ දේශීය නිෂ්පාදකයින්ට ම තමයි. මේ එක බිත්තරයක්වත් මම කන්නේ නැහැ. ඉස්සරහට කන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මේක මෙච්චර අමාරුවෙන් කළේ පාරිභෝගිකයෝ නිසා. මංද බිත්තර හැංගුවේ. මගේ කිකිළියෝ ඉන්නවා ද?. මංද බිත්තර එළියට දෙන්නේ. හංගපු නිසයි බිත්තර මිල ඉහළ ගියේ.”

 

 

Related posts

ඉදිරියේදී ඉන්ධන ලබාදීම සලාක ක්‍රමයට

Mohamed Dilsad

ලක්මාලි හේමචන්ද්‍ර ට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්ට පැමිණිල්ලක්

Editor O

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment