දේශීය

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

අද පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

 

කොළඹ, දෙහිවල, ගල්කිස්ස,‍ කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

 

ඊට අමතරව කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවල ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

අවි පෙන්වා නිවසක් කොල්ලකෑ කල්ලියේ ප්‍රධානියකු අත්අඩංගුවට

Mohamed Dilsad

වැඩ බලන පොලිස්පති පත් කිරීම ගැන කථානායකට මැදිහත්වෙන්නැයි ජනාධිපති කියයි.

Editor O

රඳවා ගැනීමේ බදු 10% දක්වා වැඩි කිරීමෙන් බැංකු ස්ථාවරa තැන්පතු ඉවත් කර ගැනීමට ජනතාව පෙළඹිලා

Editor O

Leave a Comment