දේශීය

අවි පෙන්වා නිවසක් කොල්ලකෑ කල්ලියේ ප්‍රධානියකු අත්අඩංගුවට

අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් හා දේපොළ කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඌරුබොක්ක පොලිසිය කටයුතු කර තිබේ.

 

ඉකුත් 11 වනදා ඌරුබොක්ක පොලිස් වසමේ හීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසකට කිසියම් පිරිසක් පැමිණ, ගිනි අවි පෙන්වා, නිවැසියන් බියගන්වා මුදල් සහ දේපොළ කොල්ලකෑමක් පිළිබඳ ඌරුබොක්ක පොලිස් ස්ථානයට වාර්තා වී ඇත.

 

සිද්ධියට අදාළ සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක් මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් පැමිණි මෝටර් රථය, මුදල් හා රන් භාණ්ඩද සොයාගැනීමට පොලිසියට හැකි වී තිබේ.

 

පොලිසිය විසින් තවදුරටත් කළ විමර්ශනවලින් මෙම අපරාධය මෙහෙයවූ ප්‍රධාන සැකකරුවකු ඊයේ (15) ඇඹිලිපිටිය, කොලොන්න පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අපරාධය සඳහා භාවිත කළ මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, බෝර 12 පතොරම්, කොල්ලකන ලද රුපියල් 250,000ක් කොල්ලකන ලද මුදලින් ලබාගත් ජංගම දුරකථන 02ක් සහ රන් මාලයක්ද සොයාගෙන ඇත.

 

සැකකරු දාපනේ, ඕමල්පේ පදිංචි අවුරුදු 54ක පුද්ගලයකු වන අතර, ඔහුට ගාල්ල සහ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ මඟින් වරෙන්තු 04ක්ද නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු අද (16) මොරවක ම‌හෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරුබොක්ක පොලිසිය මඟින් මෙහෙයවනු ඇත.

Related posts

කොවිඩ් 04 වන මාත්‍රාව ලබාදීම අද සිට

Mohamed Dilsad

ගාල්ල පාසල් තවදුරටත් වසා තැබෙයි

Mohamed Dilsad

චීන රජයෙන් ඉල්ලීමක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment