දේශීය

වෘත්තීයවේදියෝ පාරේ

ක්ෂේත්‍ර රැසක වෘත්තිකයින් රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව අද (08) විරෝධතා හා සංකේත වැඩවර්ජනවල නිරත වෙයි.

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වරාය , ඛනිජ තෙල්, විදුලිබල, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිතිවල සහභාගිත්වයෙන් අද පස්වරවේ කොළඹ හයිඩ් පිටියේ රැලියක්ද සංවිධාන කර තිබේ.

 

රජයේ නව බදු ප්‍රතිපත්තිය සහ ඖෂධ හිඟය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා රජයේ රෝහල් රැසක අද පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක වෙයි.

 

අද පෙරවරු 8ට ආරම්භ වූ මෙම සංකේත වැඩවර්ජනය හෙට උදෑසන 8ට අවසන්වීමට නියමිතය.

 

කෙසේවෙතත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල , කාසල් වීදියේ කාන්තා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහලේ මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි.

 

 

Related posts

බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට තහනමක්

Editor O

මධ්‍යම සහ දකුණු පළාතේ සියලුම බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තබයි

Mohamed Dilsad

කිරිපිටි මිල සංශෝධනය ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment