Trending Newsඑසැන පුවත්දේශීය

බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට තහනමක්

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සදහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම් බව අදාළ චක්‍රලේඛයේ දැක්වේ. එමෙන්ම, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර තම පාසලේ සිසුන්ට අමතර පන්ති පැවැත්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කර ඇත.

මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති අතර, මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බවද එහි සදහන්වේ. මීට අදාළව මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අධ්‍යාපන අමාත්‍යාංශ මගින් මීට පෙර චක්‍රලේඛ නිකුත් කර තිබුණි.

Related posts

கண்டி – மஹியங்கன வாகன விபத்தில் ஐவர் வைத்தியசாலையில் அனுமதி..

Mohamed Dilsad

First of ‘Colombo Development Dialogues’ next month

Mohamed Dilsad

පුනරුදයේ – කරුමය, වසරේ පළමුු මාස 07 ට, අලි මරණ 400ක්…!

Editor O

Leave a Comment