Trending Newsඑසැන පුවත්දේශීය

බස්නාහිර පළාතේ රජයේ පාසල් ගුරුවරුන්ට තහනමක්

බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට අදාළව සීමා පනවමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, බස්නාහිර පළාතේ පාසල් ගුරුවරුන් තම පාසලේ සිසුන් සදහා පාසල් කාලය තුළ දී මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම තහනම් බව අදාළ චක්‍රලේඛයේ දැක්වේ. එමෙන්ම, පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්ත නිවාඩු දිනවල මෙන්ම රජයේ නිවාඩු දිනවල ද විවිධ බාහිර ස්ථානවල මුදල් අය කර තම පාසලේ සිසුන්ට අමතර පන්ති පැවැත්වීම මෙම චක්‍රලේඛය මගින් තහනම් කර ඇත.

මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති අතර, මෙම උපදෙස් නොසලකා කටයුතු කරන ගුරුවරුන් පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බවද එහි සදහන්වේ. මීට අදාළව මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල අධ්‍යාපන අමාත්‍යාංශ මගින් මීට පෙර චක්‍රලේඛ නිකුත් කර තිබුණි.

Related posts

18kg Gold bars smuggled from Sri Lanka seized in Tamil Nadu

Mohamed Dilsad

Term of Presidential Commission on SriLankan Airlines extended

Mohamed Dilsad

විදුලි බිල්පත් ගැටළු ගැන පැමිණිලි 550 ක්

Mohamed Dilsad

Leave a Comment