දේශීය

විදුලි බිල්පත් ගැටළු ගැන පැමිණිලි 550 ක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත මාස පහමාරක කාලයක පටන් පාරිභෝගික පැමිණිලි 800 ක් ලැබී තිබෙන බව එහි ආයතනික සන්නිවේදන අධ්‍යක්‍ෂ ජයනාත් හේරත් සඳහන් කළේය.

ඉන් 550 ක්ම ලැබී ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය පැවති කාලයේ විදුලි බිල්පත් ගාස්තු වැඩියෙන් ලැබීම සම්බන්ධයෙනුයි.

තවදුරටත් විදුලිබිල්පත් ආශ්‍රිතව ගැටළු පවතින්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලයට සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත දැනුම්දිය හැකි බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

මෙවර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ම ”එල්බෝඩ්”: පළපුරුදු වැඩිම පිරිස සමගි ජන බලවේගයෙන්

Editor O

2030 දී ලංකාව සහ ඉන්දියාව අතර අලුත් වැඩක්

Mohamed Dilsad

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ පෙනී සිටීමට CID අධ්‍යක්ෂවරයාට නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment