Trending Newsඑසැන පුවත්දේශීය

මෙවර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්ම ”එල්බෝඩ්”: පළපුරුදු වැඩිම පිරිස සමගි ජන බලවේගයෙන්

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වේ. මෙවර පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් 146 දෙනෙකුම පළමු වරට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් වීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමින් ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 141ක් හිමිවූ අතර ඉන් 130 දෙනෙකුම නවක මන්ත්‍රීවරුන්ය. සමගි ජන බලවේගයට හිමිවූ මන්ත්‍රී ධුර 35න් 8 දෙනෙකු නවක මන්ත්‍රීවරුන් වන අතර 27 දෙනෙකු මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ද මෙවර පාර්ලිමේන්තුවට එක් නවක මන්ත්‍රීවරයෙක් පත්ව තිබේ. ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් තිදෙනෙකුම නවක මන්ත්‍රීවරුය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ද එක් නවක මන්ත්‍රීවරයෙකු මෙවර පාර්ලිමේන්තුවට පත්ව සිටී.

කෙසේ වෙතත් නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ තිදෙනාම මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ පළපුරුදු මන්ත්‍රීවරුන් වේ.

පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තු ධුර 29ක් පත් කිරීමට නියමිත අතර ඉන් බහුතරය ද නවක මන්ත්‍රීවරුන් වනු ඇති බව වාර්තා වේ. ඒ අනුව මෙවර පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 150 ඉක්මවා යනු ඇත

Related posts

பெற்றோல் விலை அதிகரிக்கப்பட மாட்டாது

Mohamed Dilsad

Government Printing Department brought under President’s purview

Mohamed Dilsad

දක්ෂ තරුණයන් සොයන්න මැයි සිට රට පුරා Open Day – නාමල්

Mohamed Dilsad

Leave a Comment