දේශීය

මධ්‍යම සහ දකුණු පළාතේ සියලුම බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තබයි

(UTV | කොළඹ) – සුරාසැල් ආශ්‍රිතව සිදු වන අක්‍රමිකතා සැළකිල්ලට ගනිමින් මධ්‍යම සහ දකුණු පළාත්වල සියලු බලපත්‍රලාභී සුරාසැල් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ.

මධ්‍යම පළාත් සහකාර සුරාබදු කොමසාරිස් උපුල් සෙනවිරත්න මහතා පැවසුවේ, පළාත තුළ බලපත්‍රලාභී සුරාසැල් සහ සංචාරක හෝටල් ආශ්‍රිත සුරාසැල් 500 කට අධික සංඛ්‍යාවක් එලෙස තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගත් බවයි.

තවද ඒ, ඒ පළාත්වල සුරාබදු අපරාධ සහ සුරාබදු බලපත්‍ර කොන්දේසි කඩ කිරීම අවම කිරීමේ අරමුණින් පළාත් මට්ටමින් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි, සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් දී ඇති බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා කියා සිටියේය.

Related posts

දිස්ත්‍රික් 05ක තවත් ප්‍රදේශ 09 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කෙරේ

Mohamed Dilsad

නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment