දේශීය

අලුතින් බාරගත් සභාපතිකම ගැන හර්ෂගෙන් සහතිකයක්

(UTV | කොළඹ) – මුදල් කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම් උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

එම කාරක සභාවේ හිටපු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද උපරිම උත්සාහයෙන් එම සභාවේ සභාපති ධුරය හොඳන් මෙහෙයවනු ලැබු අතර ඒ වෙනුවෙන් නව සභාපති ලෙස එතුමාට ස්තුතිය පුදකරන බවද කීය.

ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බලන ලෙස කංචන විජේසේකර මහතා පැවසු අතර ඊට සම්පූර්ණ බලතල මුදල් කාරක සභාවට තිබෙන බවත් අමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටුකරන්නට වහාම ක්‍රියාත්මක වෙන බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණය ඇරඹේ

Editor O

ජනපති ඡන්දයට අරගලයෙන් කොන්දේසියක්

Mohamed Dilsad

Leave a Comment