දේශීය

අතුරු අයවැය අද පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – 2022 මූල්‍ය වර්ෂය සදහා වන 2021 අංක 30 දරන විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියැවීම හෙවත් අතුරු අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.

පසුගිය දෙසැම්බර් 10 වනදා සම්මත වූ අයවැයට සංශෝධන ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවනු ඇති.

එම පනත් කෙටුම්පතට අනුව 2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ අමාත්‍යංශ සේවා වියදම් දැරීමට වෙන්කර තිබූ රුපියල් දෙදහස් හත්සිය අනූ හය බිලියන හාරසිය හතලිස් හය මිලියන පනස්අට දහසක මුදල රුපියල් තුන්දහස් දෙසිය හැත්තෑ පස් බිලියන අටසිය හැත්තෑ හය මිලියන පන්සිය පනස් අට දහසක් ලෙස වැඩිකර තිබෙනවා.

ඒ අනුව 2022 වසර සඳහා වෙන්කර ඇති අමාත්‍යාංශ සේවා වියදම රුපියල් බිලියන 480 කින් ඉහළ නැංවීමටයි යෝජනා වී ඇත්තේ.

එමෙන්ම 2022 වසරේ ශ්‍රී ලංකාව තුළින් හෝ බැහැරින් ණය ලබාගැනීමේ සීමාව රුපියල් බිලියන 3,200 සිට රුපියල් බිලියන 4,082 ක් දක්වා වැඩිකිරීමටද යෝජිතයි.

Related posts

බද්දේගම පාසලක, නීතිය නොදත් විදුහල්පතිට මැතිවරණ කොමිෂමෙන් පාඩමක්

Editor O

උසස් පෙළ සිසුවෙකුටත් කොරෝනා

Mohamed Dilsad

රියැදුරු බලපත්‍රයට රජයේ රෝහල්වලින් වෛද්‍ය සහතිකය

Mohamed Dilsad

Leave a Comment