දේශීය

වාර්තා පොතට ගිය චන්දිමාල් ගේ විකට්ටුව

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත අතර ක්‍රයිස්චර්ච් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල ලෙස දිනේෂ් චන්දිමාල් ව දවාගැනීමට නවසීලන්ත නායක ටීම් සවුදි සමත් විය.

 

චන්දිමාල් ලකුණු 39ක් රැස්කළ අතර එම කඩුල්ලත් සමග නවසීලන්තය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර කඩුලු ගණනක් ලබාගත් පන්දු යවන්නා බවට සවුදි සමත් විය.

 

එහිදී ඔහු තරග 354කදී ලබාගෙන ඇති කඩුලු ගණන 706කි.

 

එම වාර්තාව හිමිකරගෙන සිටියේ ඩනියෙල් විටෝරි ය. ඔහු තරග 442කදී කඩුලු 705ක් ලබාගෙන තිබුණි.

 

 

Related posts

රටේ ලොකුම ප්‍රශ්නයට විසඳුමක්..! රාජ්‍ය පරිපාලන ඇමතිගේ නමට ඉදිරියෙන් ‘මහාචාර්ය’ ලෙස යොදන්නැයි සියළු ආයතනවලට චක‍්‍රලේඛයක්

Editor O

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

රේගුවෙන් රඳවාගෙන ඇති විද්‍යුත් වාහන 506ක් කොන්දේසි සහිතව මුදාහැරේ

Editor O

Leave a Comment