දේශීය

නීති විරෝධීව මෙරටට එවූ කහ තොගයක් යුධ හමුදා භාරයට

(UTV |මන්නාරම) – කහ කිලෝග්‍රෑම් 700ක් මන්නාරමේ තන්නිතාලු ප්‍රදේශයේ තිබී යුද හමුදා බාරයට ගෙන තිබේ.

ඒවා ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවලින්, මුහුදේ පා කර එවා ඇති බව යුධ හමුදාව පවසයි.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මේවා සොයා ගැනුණි.

පසුගිය සමයේ කහ කුඩු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් කහ කුඩු නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට පටන් ගෙන තිබේ.

මෙවැනි ජාවාරම්කරුවන් සොයා රට පුර මේ වන විට මෙහෙයුම් සිදු කරයි.

Related posts

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද

Mohamed Dilsad

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී යෝග්‍යතා පරීක්ෂණයක් අනිවාර්යය කිරීමේ සූදානමක්

Editor O

දත්ත ආරක්ෂණ පනතට අදාළ විවාදයේදී, නාමල්ගෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක්

Editor O

Leave a Comment