දේශීය

නීති විරෝධීව මෙරටට එවූ කහ තොගයක් යුධ හමුදා භාරයට

(UTV |මන්නාරම) – කහ කිලෝග්‍රෑම් 700ක් මන්නාරමේ තන්නිතාලු ප්‍රදේශයේ තිබී යුද හමුදා බාරයට ගෙන තිබේ.

ඒවා ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවලින්, මුහුදේ පා කර එවා ඇති බව යුධ හමුදාව පවසයි.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මේවා සොයා ගැනුණි.

පසුගිය සමයේ කහ කුඩු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් කහ කුඩු නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට පටන් ගෙන තිබේ.

මෙවැනි ජාවාරම්කරුවන් සොයා රට පුර මේ වන විට මෙහෙයුම් සිදු කරයි.

Related posts

මාස 10ට වාහන ලක්ෂ දෙකහමාරක් ගෙනල්ලා!

Editor O

ආනයන රේගුලාසි හේතුවෙන් දින ගණනක් රේගුවේ වාහන හිර වෙලා.

Editor O

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment