දේශීය

අතුරුදන් වූ තරුණයා ගේ සිරුර ගල්තලාවෙන් හමුවෙයි

මහඔය නුවරගලතැන්න රක්ෂිතයේ විනෝද චාරිකාවක් ගොස් සිටිය දී අතුරුදන් වූ පුද්ගලයෙකු ගේ සිරුර හමු වූ බව පොලීසිය පවසයි.

 

පසුගිය 3 වනදා විනෝද චාරිකාවක් සඳහා ගොස් සිටි පුද්ගලයින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකින් එක් අයෙකු අතුරුදන්වී ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මහඔය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

මෙම පිරිස පසුගිය 3 වනදා දහවල් කාලයේ නුවරගලතැන්න රක්ෂිතයේ සංචාරයක් සඳහා පිටව ගොස් තිබේ.

 

පසුව මෙම පිරිස රාත්‍රී කාලයේ දී විනෝදවීමෙන් පසු අළුයම් කාලයේ රක්ෂිතය තුළම නින්දට ගොස් ඇති බව පොලීසිය පවසයි.

 

පසු දින අවදී වී සොයා බැලීමේ දී අදාළ පුද්ගලයා නොසිටි බැවින් 118 දුරකථන අංකය අමතා ඒ පිළිබඳ දැනුම් දී ඇත.

 

පොලීසිය සිදුකළ සෝදිසි කිරීම්වලදී අදාළ පුද්ගලයාගේ සිරුර මෙම පිරිස රාත්‍රිය ගතකළ ස්ථානය ආසන්නයේ පිහිටා ඇති ගල්තලාවක පහළ ප්‍රදේශයේ තිබී හමු ව තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි උහන කුමාරිගම ප්‍රදේශයේ පදිංචිව සිටි මහඔය ජල සම්පාදන මණ්ඩලයේ කළමනාකාර සහකාරවරයෙකු බව පොලීසිය පවසයි.

 

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම ඇති අතර අද (05) මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.

 

සිද්ධිය සම්බන්ධයෙන් මහඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ලැගුම්හලට රැගෙන ගිය පෙම්වතිය අලෙවි කළ පෙම්වතා

Mohamed Dilsad

පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන් යළිත් රු 5000 දීමනාව බෙදීමේ කටයුතුවලට

Mohamed Dilsad

Leave a Comment