දේශීයප්‍රමුඛ පුවත 1

පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

(UTV| කොළඹ) –  දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීම සඳහා ත්‍රිපුද්ගල ජනපති කොමිසමක් පත්කර ඇත.

2015 ජනවාරි 08 වනදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළදී මෙම පළිගැනීම්වලට ලක්වූවන් සෙවීම සිදුකරනු ලබන අතර , පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, අල්ලස් කොමිසම, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ක්‍රියා කලාප නිසා මෙලෙස දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන් සඳහා මෙම කොමිසම පත් කර තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙකු වන උපාලි අබේරත්නගේ සභාපතීත්වයෙන් යුත් මෙම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වන දයා චන්ද්‍රසිරි ජයතිලක, විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුයි.

රජයේ නිලධාරින්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදා සාමාජිකයින්, පොලිස් සේවයේ නිරත වූවන්ට මෙම කොමිසමට වාර්තා කළ හැකියි.

මෙම කොමිසමේ වාර්තාවක් හෝ අතුරු වාර්තාවක් මාස හයක් ඇතුළත ජනපතිවරයා වෙත ලබාදිය යුතු වෙයි.

 

Related posts

මරණ දඬුවම් තීන්දුව කල් යයි

Mohamed Dilsad

සන්නස්ගලට සහ ශ්‍රීනාත්ට අධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

සහනදායී ණය පහසුකම් ලබාගැනීමේදී කුඩා කර්මාන්තකරුවන්ට ගැටළු රැසක්.

Mohamed Dilsad

Leave a Comment