දේශීයප්‍රමුඛ පුවත 1

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]

(UTV | අසර්බයිජානය) –  අසර්බයිජානයේ බකු නගරයේ නේවාසිකාගාරයක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම සිසුවියන් තිදෙනා වයස අවුරුදු 21 , 23 සහ 25 හැවිරිදි වියේ පසුවන බව වාර්තා වෙයි.

වෙස්ටර්න් කැස්පියන් නම් සරසවියක පාඨමාලාවක් හැදෑරීම සඳහා ගොස් සිටියදී මෙම සිද්ධියට ඔවුන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර , මාස දෙකක පමණ කාලයක් ඔවුන් මෙම නේවාසිකාගාරයේ රැඳී සිට ඇත.

විදුලි කාන්දුවක් හේතුවෙන් අදාළ ගින්න හටගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අසර්බයිජානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති බැවින් ඩුබායි හෝ ටෙහෙරාන් නුවර පිහිටා ඇති දූත මණ්ඩලයක් හරහා මේ සම්බන්ධ ඉදිරි කටයුතු සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

Related posts

ඔසුසැලකින් කප්පම් ඉල්ලූ තිදෙනෙක් පොලිස් දැලේ

Mohamed Dilsad

ලහිරු වීරසේකර ඇතුළු හය දෙනෙකුට ඇප

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන ඇමතිගේ මහාචාර්යය පට්ටම, ආචාර්යය දක්වා පහත හෙළයි. I වෙබ් අඩවියේ සිංහල සහ දෙමළ භාෂාවලින් ”මහාචාර්යය” ඉංග්‍රීසි භාෂාවෙන් ”ආචාර්යය”

Editor O

Leave a Comment