දේශීය

දැරියකට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට

බලංගොඩ පින්නවල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පාසල් දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

 

සැකකරු නිවස ආසන්නයේ පදිංචි 11 හැවිරිදි දැරියකට මෙලෙස ලිංගික අතවර කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

 

50 හැවිරිදි සැකකාර විදුහල්පතිවරයා බලංගොඩ ඇල්ලරාව ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන් වෙයි.

 

සැකකරු අද බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බලංගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

පාන් මිලත් ඉහළට

Mohamed Dilsad

සීනිගමදී දේශපාලකයෙකුට වෙඩිතබයි

Mohamed Dilsad

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

Mohamed Dilsad

Leave a Comment