Trending News

එජාපය සහ පොහොට්ටුව අතර හමුවක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් අද (08) පස්වරුවේ පවත්වා තිබේ.

 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, සාගල රත්නායක, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඊට සහභාගී වී ඇත.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් ඊට සහභාගී වී ඇත්තේ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන්ය.

 

පක්ෂ දෙකේ දිස්ත්‍රික් නායකයින් සමඟ මේ සතිය තුළ සාකච්ඡා පවත්වා ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීමට එහිදී දෙපාර්ශ්වය තීරණය කර තිබේ.

 

පක්ෂ දෙක අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති පළමු නිල සාකච්ඡාව මෙය වෙයි.

Related posts

ඩොලර් මිලියනයේ ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ 18 දෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

Armed mob storms Hong Kong train station

Mohamed Dilsad

Navy apprehends 2 smugglers with 3.7kg of gold in Northern seas

Mohamed Dilsad

Leave a Comment