Trending News

එජාපය සහ පොහොට්ටුව අතර හමුවක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් අද (08) පස්වරුවේ පවත්වා තිබේ.

 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, සාගල රත්නායක, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඊට සහභාගී වී ඇත.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් ඊට සහභාගී වී ඇත්තේ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන්ය.

 

පක්ෂ දෙකේ දිස්ත්‍රික් නායකයින් සමඟ මේ සතිය තුළ සාකච්ඡා පවත්වා ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීමට එහිදී දෙපාර්ශ්වය තීරණය කර තිබේ.

 

පක්ෂ දෙක අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැවති පළමු නිල සාකච්ඡාව මෙය වෙයි.

Related posts

World’s longest sea bridge to open … but only to drivers with a special permit

Mohamed Dilsad

அஞ்சல் பணியாளர்கள் தொழிற்சங்க போராட்டம் ஒன்றை நடத்த தீர்மானம்

Mohamed Dilsad

Brexit: PM to try again for 12 December election after MPs reject plan

Mohamed Dilsad

Leave a Comment