දේශීය

හිටපු ජනපතිගේ නඩු තීන්දුව ගැන වන්නිලඇත්තන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි නඩු තීන්දුව මේ රට පාලනය කිරීමට පත්වෙන සියලු නායකයින්ට ආදර්ශයක් වන බව දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පැවසුවේය.

 

අදාළ නඩු තීන්දුව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් දඹාන ආදිවාසි නායකයා ඒ බව සඳහන් කළේය.

 

“රටේ නීතිය මුල් පුරවැසියාටත්, දුප්පතා සහ පොහොසතාටත් එක හා සමානයි. ඒ හින්දා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබු මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවීම හොඳ දෙයක්. නායකයෙකුට තියෙන්නේ පොඩි වගකීමක් නොවෙයි. රටෙයි, ජනතාවගෙයි වගකීම තියෙන්නේ නායකයා සතුවයි. ඔහුට මරණාධාර සමිතියක නායකයෙක් වගේ කටයුතු කරන්න බැහැ. ඉතින් මේ තීරණය ඉදිරි කාලයේ මේ රට පාලනය කරන්න පත්වෙන නායකයින්ට ආදර්ශයක්.”

Related posts

කුරුණෑගල නගරාධිපතිට රටින් පිටවීම වළක්වමින් නියෝගයක්

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රී පිලිපීනයට

Mohamed Dilsad

ව්‍යවසායකත්ව සම්මාන උළෙලේදී ජාවා Lounge වෙත සම්මාන හතරක්

Editor O

Leave a Comment