දේශීය

ශානි අබේසේකරට ආරක්ෂාව ලබාදීමට පියවර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නිලධාරීන් යෙදවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා තිබෙනවා.

සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනුකළ පෙත්සමක් අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

පෙත්සම්කාර ශානි අබේසේකරගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කරන බවත් නිවසේ ආරක්ෂාව සඳහා එක් නිලධාරියෙකු ලබාදීමට කටයුතු කරන බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර තිබෙන්නේ.

Related posts

වැරදුණු ප්‍රේමය

Mohamed Dilsad

ඉදිරියේදී පාසල් ආරම්භ කිරීමට නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

තවත් බිත්තර තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment